කොළොම්බියානු කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩක ජුආන් සුන්ගා තමාගෙන් සමාව ඉල්ලූ බවත්, තමන් එය භාරගත් බවත් බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර්ද සිල්වා පවසයි.
ආබාධයේන් පසුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
"දින කිහපයකට පසුව සුන්ගා මට කතා කළා. ඔහු සමාව ඉල්ලුවා. ඒ වගේම එය හිතාමතා කළ දෙයක් නොවන බව කිව්වා. මම එය භාරගන්නවා. නමුත් එය සාමාන්‍ය සිදුවීමක් කියලා මම හිතන්නේ නෑ."
"මට කියන්න බෑ ඒක හිතාමතා කළාද කියලා. හැම කෙනෙක්ම දන්නවා එය සාමාන්‍ය දෙයක් නෙමෙයි කියලා. ඔහු මගේ පිටුපසින් ආවා මට මගේ ආරක්ෂාව සලසා ගන්න බැරිවුණා. දෙවියන්ට ස්තූති කරනවා මට උදව් කිරීම සම්බන්ධයෙන්. ඒක තවත් අගල් කිහිපයක් පහතින් වැඳුණානම් මම අංශභාගී රෝගියෙක් වෙනන තිබුණා." .
මෙහිදී සිය කණ්ඩායම ජර්මනිය හමුවේ ලද පරාජය පිළිබඳවත් නේමර් අදහස් දැක්වීය.
"මොකක්ද සිදුවුණේ එය අපිට වෙනස්කළ නොහැකියි. 6-0, 7-0ක් තිබිලත් ඔවුන් තරගය අත්හැරියේ නෑ. මම බ්‍රසීල කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් ගැනම ආඩම්බර වෙනවා."
එසේම තම නියෝජිතවරයා බ්‍රසීල පුහුණුකරුව විවේචනය කිරීම තමන් කිසිවිටකත් අනුමත් නෙකරන බවත් නේමාර් පැවැසිය.
"ස්කොලාරි පුහුණුකරු ලෙස සිටිය යුතුයි. මගේ නියෝජිතයා කළ ප්‍රකාශයත් සමග මම එකග වෙන්නේ නෑ. ඔහු මට කතා කළේ නෑ. මගේ පියාට විතරයි පුලුවන් මා ගැන අදහස් දක්වන්න."
යනුවෙන්ද නේමාර් පැවැයීය.