සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඊයේ (23දා) රාත්‍රියේ මැන්චෙස්ටර්හි පැවැති එකම විස්සයි20 තරගයෙන් ලකුණු 56 ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙහි ශූරතාව එංගලන්ත කණ්ඩායමට හිමිවිය.
ඔල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 191/7 ක් රැස්කිරීමට සමත්විය. ඉනිම ඔසවා තැබූ ජෝ රූට් පන්දු 46කදී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 16.2 අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. කේන් විලියම්සන් අර්ධ ශතකයක් (57) හා නායක බ්‍රෙන්ඩන් මැකලම් වේගවත් ලකුණු 35 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබාදුන්නද, එය ඉදිරියට රැගෙනයාමට නවසීලන්ත මැදපෙළ හෝ පසුපෙළ පිතිකරුවන්ට නොහැකි විය. ඩේවිඩ් විලේ (3/22) හා මාක් වුඩ් (3/26) එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ජෝ රූට් සම්මාන දිනාගත්තේය.
එංගලන්තය 191/7 (පන්දුවාර 20)
ජෝ රූට් 68 (පන්දු 46, 4x8, 6x1)
ඇලෙක්ස් හේල්ස් 27 (පන්දු 23, 4x2, 6x1)
බෙන් ස්ටෝක්ස් 24 (පන්දු 13, 4x4)
ජේසන් රෝයි 23 (පන්දු 13, 4x1, 6x2)
සෑම් බිලින්ග්ස් 21 (පන්දු 11, 4x2, 6x1)
මිචෙල් සැන්ට්නර් 2/28 (පන්දුවාර 4)
මිචෙල් මැක්ක්ලින්ග්හැන් 2/37 (පන්දුවාර 4)
නවසීලන්තය 135/10 (පන්දුවාර 16.2)
කේන් විලියම්සන් 57 (පන්දු 37, 4x8)
බෙන්ඩන් මැකලම් 35 (පන්දු 15, 4x2, 6x4)
රොස් ටේලර් 17 (පන්දු 13, 4x2)
මාක් වුඩ් 3/26 (පන්දුවාර 3)
ඩේවිඩ් විලේ 3/22 (පන්දුවාර 2.2)
බෙන් ස්ටෝක්ස් 2/24 (පන්දුවාර 3)