එක ලකුණකට කඩුලු 3ක් දැවී යයි
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 34ක් අවසානයේදී කඩුලු හයකට ලකුණු 165ක් රැස්කගෙන සිටියි.
පන්දුවාර 31.1 කදී කඩුලු 3කට ලකුණු 161ක් ලෙස දිස් වූ ශ්රී ලංකා ඉනිම අමීර් යොමුකළ 31.2 පන්දුවේදී නායක මැතිව්ස් දැවි යාමත් සමග තරගය වෙනස් විය.
ඉන් අනතුරුව අමීර් යොමුකළ පන්දු 4ට එක් ලකුණක් රැස්කර ගැනීමට ශ්රී ලංකා පිතිකරුවන්ට හැකිවිය. 32.3 පන්දුව යොමුකළ ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ධනංජයද සිල්වා එක් ලකුණකට දැවීගියේය.
ඔහුගේ ඊළඟ පන්දු තුනටම කිසිඳු ලකුණක් රැසකර ගැනීමට ශ්රී ලංකා පිතකරුවන්ට නොහැකි විය. නැවතත් 33.1 පන්දුව යොමුකළ මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. ඒ අනුව එක් ලකුණකට ශ්රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකු දැවී ගිය අතර තරගය එයින්ම වෙනස්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

