සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ඊයේ (05) ඇන්ටිගුවාහිදී පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 25 ක ජයක් හිමිකරගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ ජය 2-1 ලෙස ඔවුන්ට හිමිවිය.
ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 47.4 අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.
එංගලන්තය 303/6 (පන්දුවාර 50)
ජෝ රූට් 107 (පන්දු 122, 4x7)
ජෝස් බට්ලර් 99 (පන්දු 84, 4x7, 6x4)
ඩ්වෙන් බ්රාවෝ 60/3 (පන්දුවාර 10)
නිකිට මිලර් 48/1 (පන්දුවාර 10)
බ.ඉ. කොදෙව් 278/10 (පන්දුවාර 47.4)
දිනේෂ් රම්දීන් 128 (පන්දු 109, 4x12, 6x5)
ඩ්වෙන් බ්රාවෝ 27 (පන්දු 32, 4x3)
ටිම් බ්‍රෙස්නන් 45/3 (පන්දුවාර 8.4)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 58/2 (පන්දුවාර 9)