ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නවදිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව හෙට (26දා)පැවැත්වෙන තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමට දඟපන්දු යවන්නෙකු කැඳවීමේ සූදානමක් පවතියි.
ශ්රී ලංකා කණ්ඩායම අද (24දා) පලම් ක්රීඩාංගණයේදී ප්රධාන පුහුණු සැසියට සහභාගි වූ අතර, එම පුහුණු සැසියට සියලුම ක්රීඩකයෝ සහභාගි වී සිටියහ. ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධානතම පිට දඟපන්දු යවන්නා වන සචිත්ර සේනානායක සහ පිට දඟපන්දු යවන්නෙකු වන තුන් ඉරියව් ක්රීඩක ෂෙහාන් ජයසූරිය කොදෙව් තරගයේදී අතිරේක ලැයිස්තුවේ සිටියහ.
වේගපන්දු යවන්නෙකු ඉවත් කර දඟපන්දු යවන්නෙකු කැඳවුවහොත් ඒ අවස්ථාව සචිත්රට හෝ ෂෙහාන්ට ලැබේ.