(UPDATE) එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 498ට පළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගය දෙවැනි දිනයට ඊයේ (28දා) නිමාකරන විට කඩුලු 8ට ලකුණු 91ක් රැස්කරගනිමින් ඉතා අපහසු තත්වයක පසුවිය.
ඒ අනුව ඉනිමක පරාජයෙන් හෝ බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 407ක් රැස්කර ගත යතු වෙයි. නොදැවි කඩුල්ලේ රැඳී සිටින ළහිරු තිරිමාන්න ලකුණු 12ක් හා රැස්කරගෙන සිටින අතර සුරංග ලක්මාල්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් රැස්කළේය.
එංගලන්තය වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ක්‍රිස් වෝක්ස් කඩුලු තුන බැගින් දවාගත්හ.
සිය පළමු ඉනිම සඳහා ලකුණු 498ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව හිමිකර දීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඊයේ දිනයේදි තරගය නිමා කරන විට එංගන්ත කණ්ඩායම ලකුණු 310ක් රැස්කරගෙන සිටියේය. අද දිනයේදී කඩුලු තුනකට ලකුණු 188ක් රැස්කරමින් එංගන්තය සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.
මොයින් අලී නොදැවි ලකුණු 155ක් රැස්කළේය. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිය ටෙස්ට් කඩුලු 300 ඉලක්කය සපුරා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩයිම පසුකළ තෙවැනි පන්දු යවන්නා බවටද රංගන හේරත් පත්විය.
එසේම වමතින් දග පන්දු යවන ක්‍රීඩකයෙකු ටෙස්ට් කඩුුලු 300ක් ලබාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඊට පෙර නවසිලන්තයේ ඩැනියෙල් විටෝරි මෙම දක්ෂතාව දක්වා තිබු්ණි.