එළැඹෙන එංගලන්ත ක්‍රිකට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තෝරාගැනීම සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයකට නේවාසික පෙර පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.
ඒ අනුව අද (21දා) එම සංචිතය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙර පුහුණුව ආරම්භ කළ අතර, හෙට (22දා) මහනුවර පැවැත්වෙන පුහුණුවීම් සඳහා පිටත්ව යාමට නියමිතය. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දින දෙකේ තරග පුහුණුවක් එම 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට එළැඹෙන සෙනසුරාදා (23දා) හා ඉරිදා (24දා) ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු සංවිධානය කර තිබේ.
එම නේවාසික පුහුණුවේදී මෙම සංචිතයෙන් ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයන් කෙරෙහි ක්‍රිකට් තේරීම් කමිටුව වැඩි අවධානයක් යොමුකර, එම ක්‍රීඩකයන්ට එංගලන්ත සංචාරයට එක්කර ගැනීමට නියමිතය.
නේවාසික පුහුණුව සඳහා සහභාගීවන සංචිතය
ඇන්ජලෝ මැතිව්ස්(නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දසුන් චානක, ධම්මික ප්‍රසාද්, ධනංජය සිල්වා, ඩිල්රුවන් පෙරේරා, දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ජෙෆ්රී වැන්ඩසේ, කසුන් රාජිත, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, ශමින්ද එරංග, සුරංග ලක්මාල්, තරංග පරණවිතාන, විශ්ව ප්‍රනාන්දු