මිටිය විසිකිරීම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වර්තාවක් පිහිටුවීමට ඌව පළාතේ අයේෂා මධුවන්ති මීට සුළුවේලාවකට පෙර සමත්විය. අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේ මේදිනවල පැවැත්වෙන 40 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මීටර 42.74ක දක්ෂතාවක් දක්වමින් ඇය මෙම දක්ෂතාව දැක්වූවාය.
ආසියානු ක්රීඩාඋලෙළ හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඉලක්ක කරගනිමින් මෙම වසරේ මැයි මස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගයකදී මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.එස්.ඩබ්. අමරසිංහ (මීටර 42.14) මෙම වාර්තාව පිහිටුවා තිබිණි.
ඡායාරූපය - කසුන් කැලුම්