දෙවැනි පුහුණුවත් ලංකාව පරදියි
(UPDATE) ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් කඩුලු හයක පහසු ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. බ්රිර්මින්හැම්හි එජ්බැස්ටන් පිටියේදි පැවැත්විණ.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 356ක් රැස්කළ අතර උපුල් තරංග ශතකයක් හා කුසල් මෙන්ඩිස් මෙන්ම දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස්කළහ.
ලකුණු 357ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46.1 කදී කඩුලු හතරක් පමණක් වැයකර ඉලක්කය පසුකර ගියේය. මාටින් ගප්තිල් පන්දු 76කදී ලකුණු 116ක් රැස්කළ අතර නායක කේන් විලියම්සන්ද පන්දු 60කදී ලකුණු 88ක් රැස්කළේය.
ශ්රී ලංකා කණ්ඩායම හා නවසීන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු උපුල් තරංග සමත්විය. පන්දු 94කදී හතරේ පහර 12ක් හා හයේ පහර තුනක් සමගින් ඔහු සිය ශතකය වාර්තා කළේය.
ශ්රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පෙරහුරු තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් අවසානයේදි එක් කඩුල්ලකට ලකුණ 160ක් රැස්කරගෙන සිටියි. උපුල් තරංග 74*, කුසල් මෙන්ඩිස් 55* නොදැවී පිටියේදී රැදී සිටිති. නිරෝෂන් දික්වැල්ල ලකුණු 25කට දැවී ගියේය.
පන්දුවාර 23ක් අවසානයේදී ශ්රී ලංකා ඉනිම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

