ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ (28දා) පැවැති තෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා 45000ට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
18000ක පමණ පහසුකම් පවතින දඹුල්ල ක්‍රීඩාංගණයට මේ සා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමණීම හේතුවෙන් ආසන වෙන් කර තිබුණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ට හිමි ආසන ලබා ගැනිමට නොහැකිව තිබුණ බවත් ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක වෙයි.
විශාල පිරිසක් තරගය නැරඹීමට පැමිණීම හේතුවෙන් ඔවුන්ව පාලනය කිරිමට ආරක්ෂක අංශ වලට අපහසු වූ බවද ක්‍රිකට් අයතනය නිකුත් කළ නිවේදනයේ වෙයි. එසේම මෙවැනි තත්ත්වයක් නැවත ඇතිනොවීමට වග බලා ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වෙයි.