ඉෂාන් - උෂාන් ගජබා දිනති
ඉශාන් දසනායක දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත්, උෂාන් පෙරේරා දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙසත් සම්මාන දිනාගනිමින් ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය පසුගිය ඉරිදා (28දා) අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී නිමාවට පත්විය. තරගාවලියේ දක්ෂතම යතුරු පැදි කණ්ඩායම හා දක්ෂතම මෝටර් රථ කණ්ඩායම ලෙස සියැට් සම්මාන දිනාගත්තේය.
15 වැනි වරට මෙවර පැවැති තරගාවලියට සමස්ත තරග ඉසව් 22ක් අන්තර්ගත විය. එහි ඉසව් 13ක් යටතේ පැවැති යතුරුපැදි තරගය සඳහා සියයකට වැඩි තරගකරුවන් සහභාගි වූ අතර, ඉසව් 09කින් සමන්විත වූ මෝටර් රථ තරග සඳහා තරගකරුවන් 88 දෙනෙක් සහභාගි වූහ.
තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (SLADA) සංවිධානය කළ අතර, විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහක ලෙස කටයුතු කළේය.ත්‍යාග හා සහතිකපත් ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තු ප්‍රධානී ඒ.කේ.එස්. පෙරේරා මහතා සහභාගි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




















































