ඉන්දියාවේදී පෙබරවාරි මස 09 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - ඉන්දීය විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි විස්සයි 20 තරගය සඳහා යෝජිතව තිබූ දිල්ලි ක්‍රීඩාංගණයට එම තරගය අහිමිවීමේ අවදානමක් උද්ගතව තිබේ.
පෙබරවාරි මස 12 වැනිදා මෙම තරගය දිල්ලි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණද දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ඊට අදාළ රාජ්‍ය අනුමැතිය මේ වනවිටත් ලබාගෙන නොමැත.
මේ පිළිබඳව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට කරුණු ඉදිරිපත් කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අනුරාග් ඨාකුර් පවසා සිටියේ, මේ සඳහා දීර්ඝ කාලයක් බලා සිටිය නොහැකි බවත් අද වනවිට අවසරයක් ලබා නොගතහොත් කාන්පූර්, රංචි හා හයිද්‍රාබාද් යන ක්‍රීඩාංගණවලින් එක් ක්‍රීඩාංගණයකට එම තරගය ලබාදීමට කටයුතු කරන බවයි.