ඉන්දු - ලංකා එක්දින තරගාවලියට කෝලි නෑ
- 28 11 2017
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන් ඉන්දීය නායක විරාත් කෝලි විවේක ගන්වා ඇත. ඒ අනුව එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට හිමිව තිබේ. මේ අතර දිල්ලිහිදී දෙසැම්බර් 02 දා ආරම්භවීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කර ඇති අතර එම සංචිතයට කෝලි ඇතුළත් වෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා කෝලි නැවතත් පැමිණෙනු ඇත. ඉන්දීය එක්දින කණ්ඩායම සඳහා නවක ක්‍රීඩකයන් ලෙස ශෙර්යාස් ඉයර් හා සිද්ධාර්ත් කාවුල් නම්ව ඇත. අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ භුවනේෂ්වර් කුමාර් හා ටෙස්ට් තරගාවලියටම ක්‍රිඩා නොකළ හර්දික් පාණ්ඩ්‍යා නැවතත් එක්දින කණ්ඩායමට පැමිණ ඇත.
ඉන්දීය එක්දින කණ්ඩායම - රෝහිත් ශර්මා (නායක), ශිකර් දවාන්, අජින්කේ රහානේ, ශෙර්යාස් ඉයර්, සිද්ධාර්ත් කාවුල්, මනීෂ් පාණ්ඩේ, කේඩර් ජාදෙව්, දිනේෂ් කාර්තික්, එම්.එස්. දෝනි (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ආක්ෂාර් පටේල්, කුල්දීප් යාදව්, යුෂ්වේන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් භුම්රා, භුවනේෂ්වර් කුමාර්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


