සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් නොටිංහැම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී සියල්ලන්ම දැවී ක් රැස් කිරීමට හැකිවූයේ ලකුණු 227 පමණි.
එංගලන්ත ඉනිම ගොඩනැංවූ ඇලිස්ටෙයාර් කුක් ලකුණු 44 ක්ද, ඇලෙක්ස් හෙල්ස් ලකුණු 42 හා ජොස් බට්ලර් ලකුණු 42 බැගින්ද රැස් කිරීමට සමත් වූහ. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිතර වූ රවි චන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 ක් දවාලීමට සමත් විය. ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 43 ක් අවසානයේ සිය ඉලක්කය පසුකර යෑමට සමත් විය. ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගිය අම්බති රයිදු ලකුණු 64 ක්ද, අජින්ක්‍යා රහානේ ලකුණු 45 ක්ද රැස් කළහ. එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ස්ටීවන් ෆින් හා බෙන් ස්ටෝක්ස් එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ. මෙම තරග ජයත් සමගින් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. පළමු තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්විය. දෙරට අතර පැවැත්වීමට නියමිත සිවුවැනි එක්දින තරගය හෙට (2දා) පැවැත්වීමට නියමිතය.
එංගලන්තය 227/10 (පන්දුවාර 50)
ඇලිස්ටෙයාර් කුක් 44 (පන්දු 65, 4x4)
ඇලෙක්ස් හෙල්ස් 42 (පන්දු 55, 4x5)
රවී චන්ද්‍රන් අෂ්වින් 3/3 (පන්දුවාර 10)
රවීන්ද්‍ර ජඩේජා 1/38 ((පන්දුවාර 10)
ඉන්දියාව 228/4 (පන්දුවාර 43)
අම්බති රයිදු 64 (පන්දු 78, 4x6)
අජින්ක්‍යා රහානේ 45 (පන්දු 36, 4x6)
ජේම්ස් ට්‍රැඩ්වෙල් 1/46 (පන්දුවාර 10)
බෙන් ස්ටෝක්ස් 1/37 (පන්දුවාර 6)