ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් හරාරේහි ඊයේ (11දා) පැවති පළමු එක්දින තරගයෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර කඩුලු 09ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 - 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49.5 ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී සැහැල්ලුවෙන් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. තරගයේ වීරයා ලෙස ලෝකේෂ් රාහුල් සම්මාන දිනාගත්හ.
මෙම තරගයේ විශේෂතා
ලෝකේෂ් රාහුල් මෙම තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනාගැනීමට සමත්වු අතර, ඔහු නොදැවී රැස්කළ ශතක ඉනිම (100) ඉන්දීය පිතිකරුවෙකු පළමු එක්දින තරගයේදී ක්‍රීඩාකළ දීර්ඝතම ඉනිම විය. මීට පෙර රොබින් උතප්පා 2006 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 86 ක් රැස්කර තිබුණි.
අම්බති රයුඳු ලකුණු 1000 සීමාව පසුකිරීමට මෙම තරගයේදී සමත්වූ අතර, අඩුම ඉනිම (29) සංඛ්‍යාවකින් මෙම කඩයිම පසුකළ සිවුවැනි ඉන්දීය පිතිකරුවා ඔහු වේ. ඔහුට අමතරව එම්.එස්. දෝනිද (ඉනිම් 29) රයිඳු සමඟ සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකේෂ් රාහුල් සමඟින් කරුන් නෙයිර් මෙම තරගයේදී ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාගේම පළමු එක්දිත ජාත්‍යන්තර තරගය මෙය විය. එය 1976 (වසර 40කට පසු) වසරෙන් පසු ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයක් තම මංගල එක්දින තරගයට ක්‍රීඩාකළ පළමු අවස්ථාව විය.