සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර ඊයේ (27දා) පැවැති විස්සයි20 තරගයේ එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක කොදෙව් කණ්ඩායම ඊයේ සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 245ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 244ක් පමණි.
ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 8ක් රැස්කළ යුතු වුවත් අවසන් පන්දුවාරය යොමුකළ ඩ්වෙන් බ්රාවෝ යොමුකළ එම පන්දුවාරයට ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු හයක් පමණි. අවසන් පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිට ලකුණු 2ක් ලබාගත යුතු වුවත් එහිදී ඔහු දවා ගැනිමට බ්රාවෝ සමත්විය.
මෙම තරගයේදී ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක්විය,
489- මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 489ක් රැස්කළ අතර එය විස්සයි20 තරගයේදී ඉනිම දෙකක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
32- තරගයේදී හයේ පහර 32ක් වාර්තා වූ අතර එය විස්සයි20 තරගයකදී කණ්ඩායම් දෙකක් වාර්තා කළ ඉහළම හයේ පහර සංඛ්‍යාව වෙයි. ඕනෑම ආකාරයක විස්සයි20 තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවට හිමි වාර්තා පවතින්නේ මේ වසර මුලදී කොළඹ ක්‍රිකට් සමාජය හා කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම අතර වාර්තා වූ හයේ පහර 33යි.
46 - ඉන්දීය කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පන්දු 46කදී සිය ශතකය වාර්තා කළ අතර එය විස්සයි20 තරගයේදී වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකය වෙයි.