විරාට් කෝලි ගොඩනැගූ විශිෂ්ට ඉනිම හේතුවෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ අද (26දා) පැවති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 37 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ විරාට් කෝලි පන්දු 55කදී නොදැවී ලකුණු 90 ක් රැස්කිරීමට සමත්විය. මෙම ඉනිම විස්සයි20 තරග බිමේ කෝලි රැස්කළ ඉහළ ඉනිම වන අතර, ඔහුගේ 10 වැනි විස්සයි20 අර්ධ ශතකයද විය.
ලකුණු 189 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණි.
තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව