ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (27දා) රාත්රෙය් පැවැත්විමට නියමිත තරගයේ තණතීරුව ඉන්දීය දඟ පන්දු යවන්නන්ට හිතකර ලෙස වෙනස් කර ඇති බව වාර්තා වෙනවා.
ඉන්දියාවේ හිස්දුස්ථාන් පුවත් සේවය සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරිත්වයේ හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම අනුව මෙම වෙනස් කිරීම අයි.සී.සීය විසින් සිදුකර ඇති බවයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග වලදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකි වුවත් ක්‍රිකට් ලෝකයේ ඉන්දියාව හමුවේ අයි.සී.සීයද අසරණ බවයි මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ.
තරගය පැවැත්වෙන මොහාලි තණතීරුව පසුගියදා පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයට සමානව තිබුණත් දැන් එය දග පන්දු යවන්න්ට හිතකර ලෙස වෙනස් කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම හා නවසීලන්තය අතර නාග්පූර්හි පැවැති තරගයේදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවුවත් එහිදී 'ඌරාගේ මාලු උෟරාගේ පිටේ තබා කැපීමට' නවසීලන්තය සමත්වූයේ දග පන්දු යවන්නන් සිය සංචිතයට කැඳවමිනි. එම තරගයේ ජය හිමිවූයේ නවසීලන්ත කණ්ඩායමටයි.