සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේ ක්රිකට් ක්රීඩාංගණයේ ඊයේ (13දා) පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම ජයග්රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට ඉන්දියාවට හැකිවිය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 34.3 ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126ක් පමණි. ඊට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවෝ එක් කඩුලු 02ක් පමණක් දැවී තරගයේ 26.5 වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ යුස්වෙන්ද්ර චහාල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.