ඉන්දියාව අබිබවා කැන්ගරුවෝ අංක එකට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (23දා) නිකුත්කළ නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම අංක එකට පැමිණ ඇත. දකුණු අප්‍රිකාවට එරෙහිව අද (23දා) පැවැති පස්වැනි තරගයද ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත් හෙයින් ඔවුන්ට මෙම අවස්ථාව හිමිවිය.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව අපරාජිත තරගාවලි ජයක් ලබා අංක එකෙහි පසුවූ ඉන්දීය කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පහතට වැටිණ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැති අතර, ඔවුහු සුපුරුදු පරිදි තවමත් සිවුවැනි ස්ථානයේ රැඳී සිටිති. පළමු ස්ථාන දහයේ රැදී සිටින එක්දින කණ්ඩායම් පහතින් දැක්වෙයි.
එක්දින කණ්ඩායම්
1.ඔස්ට්‍රේලියාව (117) 2. ඉන්දියාව (117) 3. දකුණු අප්‍රිකාව (112), 4. ශ්‍රී ලංකාව (108), 5. එංගලන්තය (107), 6. පාකිස්තානය (98), 7. නවසීලන්තය (96), 8. බ.ඉ. කොදෙව් (96), 9. බංග්ලාදේශය (71), 10. සිම්බාබ්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

