ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
2016 වසරේ බ්‍රසීලයේ සත්කාරකත්වයෙන් පැවැති 31 වැනි ඔලිම්පික් තරගාවලිය බ්‍රසීල වේලාවෙන් ඊයේ රාත්‍රියේ පැවැති විචිත්‍රවත් සමාප්ති උත්සවයකින් නිමාවට පත්විය. රන් පදක්කම් 46ක් සමගින් සමස්ත පදක්කම් 121ක් හිමිකරගත් ඇමෙරිකාව අවසන් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ 2016 වසරේ ඔලිම්පික් බලවතා බවට පත්වෙමිනි.
කැපී පෙනෙන වර්ධනයක් පෙන්වූ මහා බ්‍රිතාන්‍ය රන් පදක්කම් 27ක් සමගින් සමස්ත පදක්කම් 67ක් හිමිකරගනිමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයටත්, රන් පදක්කම් 26ක් සමගින් සමස්ත පදක්කම් 70ක් ලබාගත් චීනය තෙවැනි ස්ථානයටත් පත්විය. සත්කාරක බ්‍රසීලය රන් පදක්කම් හතක් සමගින් සමස්ත පදක්කම් 19ක් හිමිකර ගනිමින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.
මෙවර තරගාවලියට එක්වූ රටවල් 207ක් අතරින් රටවල් 86ක් කුමන හෝ රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත්වූ අතර ක්‍රීඩා 28ක් යටතේ ඉසව් 306ක් යටතේ තරගාවලිය පැවැත්විය. සමස්ත තරගාවලිය පුරාවට රන්, රිදී හා ලෝකඩ පදක්කම් 2012 ක් බෙදා දුන්නේය.
ඊයේ පැවැති සමාප්ති උත්සවයෙන් පසුව 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය හිමි ජපානයට නිල වශයෙන් ඔලිම්පික් ධඡය බාරදීමද සිදුවිය.
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd