(VIDEO) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා තමා අතර කිසිම ගැටුමක් ඇති නොවූ බවත්, ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව තමාට ක්‍රීඩා අමාත්‍යවරයා හමුනොවූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යවරයා හා තිලකරත්න ඩිල්ෂාන් ගැටුමක් ඇතිකරගත් බවට පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් පිටුවට ප්‍රකාශක් කරමින් ඩිල්ෂාන් මේ බව සඳහන් කරයි.
"මෙවැනි බොරු ප්‍රචාර යන එක ගැන කනගාටුයි. ආසියානු කුසලානයෙන් පසුව මට ක්‍රීඩා අමාත්‍යවරයා හමුවුණේ නෑ. මේ වෙලාවේ අපි කරන්න ඕන අපේ ක්‍රීඩකයන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන එකයි". යැයි ඔහු සඳහන් කරයි.
එසේම එළැඹෙන ඔස්ට්‍රේලියා තරගාවලියේදී තමන් නැවතත් ක්‍රීඩා පිටියට පැමිණෙන බවත්, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට හා ඔස්ට්‍රේලියාවට යන කතා අසත්‍ය ප්‍රකාශ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
VIDEO