ශ්රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඉන්ඩෝර්හි පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ආබාධයකට ලක්වූ ශ්රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට ක්රීඩා නොකරන බව වාර්තාවෙයි.
ඔහු කළවයේ ආබාධයකට ලක්වූ අතර පන්දු යවමින් සිටි ඇන්ජලෝ පන්දුවාර 2.2කින් පසුව පිටියෙන් ඉවත්වූ අතර ඔහු පන්දුවට පහරදීමටත් නොපැමිණියේය.
මැතිව්ස්ට සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදුව ඇත.