ආසියානු කුසලාන තරගාවලිය අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය යටතේ සුපුරුදු පරිදි 2016 වසරේ සිට පැවැත්වෙන බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය මෙන්ම ආසියානු ක්රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කෙසේ වෙතත් ආසියානු ක්රිකට් කවුන්සිලය ජූලි මස පළමු වැනිදා සිට අයි.සී.සී. ය යටතේ ක්රියාත්මක වීමට නියමිතය.
2016 හා 2020 යන ආසියානු ක්රිකට් තරගාවලි විස්සයි20 තරගාවලි ලෙස පැවැත්වෙනු ඇති බව ආසියානු ක්රිකට් කවුන්සිලය පෙරේදා (18දා) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය 17දා නිකුත් කළ නිවේදනයේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවීය.
ආසියානු ක්රිකට් කවුන්සිලය, අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය හා එක්වීමත් සමගම ආසියානු ක්රිකට් කවුන්සිලයේ නිලධාරීන් පිරිසක් අයි.සී.සී.යට එක්කර ගැනීමටත් නියමිතය.
2016 වසරේ මෙන්ම 2018, 2020 හා 2022 යන වසරන් වලදීත් ආසියානු කුසලානය පැවැත්වීමට නියමිත අතර අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිව නැති ආසියානු රටවල් වන නේපාලය, ඇෆ්ගනිස්තානය හා නේපාලය වැනි රටවල් සඳහා සුදුසුකම් ලැබීමේ ක්රමවේදයක් හරහා ආසියානු කුසලානයට එක්වීමේ අවස්ථාව ලබාදීමටත් අයි.සී.සී. මෙන්ම ආසියානු ක්රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.