සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් ත්‍යාග ප්රදානෝත්සවය සඳහා හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට සහභාගී වන්නැයි නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කරතිබේ.
කෙසේ වෙතත් එළැඹෙන 13 – 17 දක්වා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැත්වෙන ත්‍යාග ප්රදානෝත්සවය සඳහා මුරලිගේ සහභාගීත්වය මේ වනතුරුත් ස්ථිරව නොතිබුණි.
මේ පිළිබඳන 'අද' මුත්තයියා මුරලිදරන්ගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු පවසා සිටියේ මේ වනතුරුත් ඔහුට ආරාධනා පත්‍රයක් නොලැබුණු බවයි. එහෙත් අදාළ ආරාධනය ලැබුණු පසු තමන් එයට සහභාගී වනවාද නැද්ද යන්න තිරණය කරන බවද මුරලිදරන් වැඩිදුරටත් පවසා සිටියේය.