ආරම්භයේ වරද හදාගත යුතුයි - මැතිව්ස්
ශ්‍රී ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් තරගාවලිය පුරාම අවම වශයෙන් පන්දුවාර පහක්වත් ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. එ් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, එම ගැටලුව සඳහා විසඳුම් සොයා ගැටලුවඅවසන් කළ යුතු බවත් මැතිව්ස් පැවැසීය.
කොල්කටා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් මේ බව ඊයේ (13දා) ප්‍රකාශ කළේය.
තරගාලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය අසතුටුදායක වූ අතර තිලකරත්න ඩිල්ෂාන් හැරෙන්නට පළමු තරගයට ක්‍රීඩා කළ උපුල්ද සාර්ථක නොවීය.
ඉන් පසු කණ්ඩායමට කැඳවූ කුසල් පෙරේරා වගකීමෙන් තොරව පිතිකරණයේ යෙදුණ අතර තරග තුනේදීම ඔහු පළමු පන්දුවාරයේදී දැවී ගියේ වගකීම් විරහිත පිතිහරඹය නිසාවෙනි. ඒ අනුව තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට තල්ලුවිය.
ඒ අනුව කුසල්ගේ ස්ථානය පිළිබඳව දැන් දැන් ගැටළු පැන නගිමින් තිබේ. කුසල්ට පමණටත් වඩා අවස්ථා ලැබුණ බව විචාරකයෝ ප්‍රකාශ කරති. තරංග එක් තරගයකින් අසාර්ථක වූ පමණින් ඔහු කණ්ඩායමෙන් ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කළත් කුසල්ට එවැනි තත්ත්වයක් නොවුණි.
කෙසේ වෙතත් ඊයේ තරගයට එක්වූ උපනායක තිරිමාන්න නැවතත් ලකුණු අතරට පිවිසියේය. එය සතුටුදායක තත්ත්වයකි. අවාසනවට චන්දිමාල්ට ලකුණු අතරට පැමිණමට නොහැකිවිය.
ඒ අනුව අවසන් තරගයේදී ඔහුට ලැබෙන අවස්ථාව අල්ප වන්නට ඉඩ තිබේ. මන්ද යත් ක්‍රිකට් තේරීම් කමිටුව එක් එක් ක්‍රීඩකයන්ට වෙනස් හැඳිවලින් බෙදන හෙයිනි.
මේ අතර තරගයේ පරාජය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් සඳහන් කළේ අවසන් පන්දුවාර 25දී ඉන්දීය පිතිකරුවන් ආසන්න වශයෙන් ලකුණු 270ක් පමණ රැස්කළ අතර එය අනුමත කළ නොහැකි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

