අශාන් සිල්වා - ෂෙහාන් අධිකාරි සම්මාන ලබති
වසරේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස අශාන් සිල්වාත් දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ෂෙහාන් සී අධිකාරිත් සම්මාන දිනාගනිමින් 2015 සියැට් ස්ලාඩා ශූරතා සම්මාන ප්රදානය පසුගියදා (21දා) බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හිදී නිමාවට පත් විය.
එක් එක් ධාවකයා වෙනුවෙන් ශූරතා සම්මාන 09 ක් හා කණ්ඩායම් තරගවලදී දක්ෂතම මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් සම්මාන 04 ක් පිරිනැමුණු මෙම සම්මාන උලෙළේදී මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගැනීමට සියැට් ධාවන කණ්ඩායම සමත් විය.
	මෙවර පිරිනැමුණු ඒකල ශූරතා සම්මාන නමය අතුරින් මෝටර් රථ අංශයේදී කුෂාන් පීරිස් සහ සජාඩ් සුහයිර් වෙන් වෙන් වශයෙන් ශූරතා සම්මාන දෙක බැගින් දිනාගත් අතර, යතුරු පැදි අංශයේදී ඉමාල් මංචනායක, මිතුන් සී. සිගේරා, රග්විඩ් බාබුජි, ඉෂාන් දසනායක සහ බී. ගුරුසිංහ ශූරතා සම්මාන පහ දිනා ගන්නා ලදී.
	සම්මාන ප්රදානය සඳහා මේ වසරේ සීගිරිය රැලි ක්‍රොස් , ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස් හා රොදර්හැම් කටුකුරුන්ද යන ප්‍රධාන ධාවන තරගාවලි 5 සලකා බැලිණි.
එමෙන්ම කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 160cc ෆෝ ස්ට්‍රෝක් තරගය ජයග්‍රහණය කළ අවුරුදු 13 ක් වන හංසිකා අබේසිංහ ක්‍රීඩිකාවට සම්මාන ප්රදානයේදී 2015 නැගී එන ධාවකයා සම්මානය හිමි වීම විශේෂත්වයකි.
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                