ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (31දා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සහභාපති සනත් ජයසූරිය මහතාගෙන්, අවිශ්ක මීට සුළු වේලාවකට පෙර සිය හිස් වැස්ම ලබාගත්තේය. අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන 175 වැනි එක්දින ක්‍රීඩකයා වනු ඇත.
සිවුවැනි එක්දින තරගය අද ප.ව. 2.30 ආරම්භකිරීමට නියමිතව ඇති අතර, තරගයේ කාසියේ වාසිය උරාගා බැලීම ප.ව. 2.00 සිදු කෙරේ. අවිශ්ක මේ වන විට 18 වැනි වියේ පසුවෙයි.
අවිශ්ක ප්‍රනාන්දු