ඉන්දීය කණ්ඩායම මෙවර පැවැත්වෙන ශූරයන්ගේ කුසාලන තරාගවලියට එක්වෙන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
තරගාවලිය සඳහා ක්රීඩා කරන ඉන්දීය සංචිතය නියමිත දිනට පෙරාතුව නම් කිරීමට ඉන්දීය තේරුම් කමිටුවට නොහැකිවිය.
ඒ අනුව තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක පැවැතුණි. එසේම අයි.සී.සීය හා ඉන්දියාව අතර ඇතිවූ මත ගැටුමක් මත ඔවුන් මෙවර තරගාවලියට ක්රීඩා නොකිරීමේ සූදානමක්ද පැවැති බව සඳහන් විය.
නමුත් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තරගාවලියට කණ්ඩායමක් එක් කිරීම ඒකමතිකව අනුමත කර තිබේ.
එසේම තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය හෙට දිනයේදී නම් කිරීමට නියමිතය. ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේද ඉන්දියාවයි.