ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් සතිය අද (15) ආරම්භ වේ. එහිදී අද (15) සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම පොලිස් කණ්ඩායම සමගින් කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. පිටියේදීත්, නාවික හමුදාව සී.එච්. ඇන්ඩ් එෆ්. සී. සමගින් කොළඹ තුරග තරග පිටියේදීත් තරග වැදිමට නියමිතය. මෙම තරග ද්විත්වය සවස 4.00 ට ආරම්භ වේ.
තරගාවලියේ හෙට හැව්ලොක්ස් හා මහනුවර කණ්ඩායම් කොළඹ හැව්ලොක්ස් පිටියේදී සවස 6.30 ට තරග වදියි.
තරගාවලියේ පළමු අදියර අවසන් කරමින් යුද හමුදාව හා ගුවන් හමුදාව කොළඹ ර්තරග තරග පිටියේදී අනිද්දා සවස 4.00 ට තරග වදියි.