නෙදර්ලන්තය 2 - 1 මෙක්සිකෝව
මෙක්සිකෝ කණ්ඩායම පරාජය කර ඊයේ (29දා) ෆොර්ටලේසාහි කැස්ටෙලාඕ ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1 තරගයෙන් තියුණු ජයක් ලැබීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකෙන්ම ඉතා තියුණු සටනක් දැකගත හැකිවූ අතර, ඒ හේතුවෙන් පළමු අර්ධය නිමාවන විට කිසිවෙකුටත් ගෝල ලබාගැනීමට නොහැකිවිය.
දෙවැනි අර්ධයේ 48 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ ජියෝවානි ඩොස් සැන්ටෝස් මෙක්සිකානු කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. ඉන් අනතුරුව අවසන් මිනිත්තු දෙක එළඹෙන තෙක් ගෝල 1-0 ලෙස සමස්ත පාලනය ඔවුහු සතුවූහ.
88 වැනි මිනිත්තුවේදී සියලු අණසක බිඳදමින් මෙක්සිකෝ දැල ආක්රමණය කළ වෙස්ලේ ස්වෙයිජඩර් නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය කණ්ඩායම් දෙකටම නැවත වරක් විවෘත කළ අතර, 90+4 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ක්ලාස් ජැන් හන්ටන් ජයග්රාහී ගෝලය වාර්තා කළේය.
කොස්ටා රිකා 1-1 (5-3) ග්රීසිය
ප්රබල ග්රීසිය කණ්ඩායම පරාජය කර අවසන් අටදෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට කොස්ටා රිකා කණ්ඩායම සමත්විය.
රෙසිෆිහි පර්නම්බුකෝ ක්රීඩාංගණයේ ඊයේ (29දා) පැවැති තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1-1 බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවිය.
ඉන් අනතුරුව අතිරේක කාලයක් ලබාදුන්නද කිසිඳු කණ්ඩායමකට ගෝල ලබාගැනීමට නොහැකිවූ අතර, ඉන් අනතරුව ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී ගෝල 5-3 ලෙස සාර්ථක කරගත් කොස්ටා රිකා කණ්ඩායම ජය තමන් සතු කරගත්තේය.