එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පැමිණීම කණ්ඩායමේ මුල්ම අභිප්‍රාය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ පිටියේදී මේ වනවිට ආරම්භ කර ඇති පුහුණුව අනුව එංගලන්තයේ ක්‍රීඩා කිරීම පහසුවක් වනු ඇති බවද ඔහු කීය.
අසංක ගුරුසිංහ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේ ආරම්භ කර තිබෙන පුහුණුවට එක්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු උපදේශක ඇලන් ඩොනල්ඩ් මහතා අවසන් වසර 10 තුළ එංගලන්තය,දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වෙනි රටවල වේග පන්දු පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කර ඇති හෙයින් එය ශ්‍රී ලංකාවට ධනාත්මක කරුණක් වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.