ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන ආසියානු කුසලාන තරගාවලියේ නිමාවූ තරග කිහිපයේදී අසාර්ථක වුවත් හෙට (08 දා) පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් තරගයේදි ලකුණු අතරට පැමිණෙන බව තිසර පෙරේරා පවසයි.
මහේල, සංගක්කාර මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට සිටින සුවිශේෂී ක්‍රීඩකයෙක් බවත්, ඔහුට ඕනෑම අවස්තාවකදී ලකුණු අතට පැමණිය හැකි බවත් තිසර පවසයි. ආසියානු කුසලාන තරගාවලියේදී මහේල තරග හතරේදී රැස්කරගෙන සිටින්නේ ලකුණු 36ක් පමණි. නමුත් ඔහුට අවසන් තරගවලදී දක්ෂතා අතරට පැමිණිය හැකි බවට පිළිගැනිමක් පවතියි.