පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත අවසන් මහා තරගයෙදී එය මෙහෙයවන විනිසුරු මණ්ඩලය නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරනු ලැබීය.
ඒ අනුව එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා රිචඩ් කෙටල්බ්‍රෝ තරගයේ විනිසුරන් ලෙස කටයුතු කරනු ඇත. ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් තෙවැනි විනිසුරු ලෙසත්, ඩේවිඩ් බූන් තරග තීරක ලෙස කටයුතු කරනු ඇත.