වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගෙන් රුපියල් මිලියන 1000ක වන්දි ඉල්ලමින් එන්තරවාසියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙබරවාරි 04දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රිකට් සභාපතිවරයා තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරමින් තමාට අපහාස කළ බව සඳහන් කරමින් රුපියල් මිලියන 1000ක් වන්දි ඉල්ලා තිබේ.
එසේම අදාළ මුදල දින 14කින් නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වෙයි.