ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලියේ හත්වැනි අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය හා ඉන්දියාව යන රටවල් තුනේදි පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. ඉන්දීය මැතිවරණය හේතුවෙන් මතුවූ ආරක්ෂක ගැටලු හේතුවෙන් මෙසේ තරගාවලිය රටවල් කිහිපයකට විතැන් කිරීමට පාලනාධිකාරිය තීරණය ගෙන ඇත.
ඒ අනුව අප්‍රේල් පළමු වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදීත් මැයි පළමුවැනිදා සිට 12 වැනිදා දක්වා බංග්ලාදේශයේදීත් මැයි 13 වැනිදා සිට අවසන් තරගය පැවැත්වෙන ජූනි පළමුවැනිදා දක්වා තරගාවලිය ඉන්දියාවේදීත් පැවැත් වෙනු ඇත.