අපේ රටේ හැම තැනම වායු දූෂණය - ඉන්දීය පන්දු යැවිමේ පුහුණුකරු
නවදිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හුස්ම ගැනීමේ අපහසුතාවකට පත්ව ඇති බව භාහිරින් පෙනුණි. නමුත් මෙම තරග පමා කිරීමට ඉන්දියාව හසුනොවීය.
පිටියේ විනිසුරන් වූ නයිජල් ලෝන්ග් හ ජොයෙල් විල්සන් සමීපයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සාකච්ඡා පවත්විමින් සිටියේය. සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ ක්‍රීඩා පිටියෙන් ඉවත්විය. ඉන්දීය පුහුණුකරුවා පිටියට පැමිණ විනිසුරන්ට පැවැසුවේ තරගය ඉදරියට පවත්වාගෙන යන ලෙසයි.
“ එය රවී සරලවයි ගත්තේ. ඔහු කිව්වේ කරුණාකර තරගය ඉදිරියට පවත්වාගෙන යන්න කියලයි. මම හිතනවා අපේ රටේ හැම තැනකම වායු දූෂණය තිබෙනවා. මෙම තත්ත්වය අපේ රටට විශාල බලපෑමක්. මේ වායු දූෂණය ගැන අපි ගොඩක් වද විය යුතුයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරගාවලියට දින සකස්කර අවසන්. අපේ කාර්යය තරගයේදී උපරිමය කිරීමයි”
“විරාත් කෝලි දින දෙකක් පමණ ක්‍රීඩ කළා. ඔහුට මුඛ වාඩමක් අවශ්‍ය වුණේ නෑ. අපේ අරමුණ අපි කළ යුතු දේ ගැන සිතීමයි. තත්ත්වයන් කණ්ඩායම් දෙකටම එක සමානයි. අපි ඒ ගැන ගොඩක් වද වුණ් නෑ. විනිසුරන්ට හා තරග තීරකයි ඒ ගැන කටයුතු කරන්නේ. නමුත් ක්‍රීඩකයන්ට මේ ගන විරෝධතා දක්වන්න බෑ. ඔවුන් දැනගෙන හිටියා ඔවුන් කරන්නේ කුමක්ද කියා. තරගය වෙනත් කාරණයක් නිසා නවත්වන විට අපට ඕන වුණේ එය ඉදිරියට පවත්වාගෙන යන්නනයි. අපේ අරමුණ තරගය ජයග්‍රහණය කිරීමයි”
“ඔවුන්ට වායු දූෂණය ගැන සිතන්නයි ඕන වුණේ. ඔවුන්ගේ අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා කෝලිගේ රිද්මය නැතිවෙන්න තිබුණා. ඒ අනුව අපි තීරණයක් ගත යුතුව තිබුණා. රවී කිව්වා පන්දු යවමු කියා.”
මේ වන විට ඉන්දියාව 536/7ක් ලෙස ලකුණු රැස්කර තිබුණත් ඉන්දියාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර නොතිබුණි. “ඇත්ත වශයෙන්ම නෑ. අපි ලකුණු 550ක් ගැන බලාගෙන සිටියේ. නමුත් එයට ලකුණු කිහිපයක අඩුවක් තිබුණේ. ඒ අනුව අපි ඉනිම අත්හිටුවීමට තීරණය කළා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


