ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයන්ට උපතින්ම ගෙනා හැකියාවක් තිබෙන බවත්, එම හැකියාවන් තවදුරටත් දියුණු කිරීම සඳහා ක්‍රමයක් සකස් කිරීම සෑම දෙනෙකුගේ යුතුකම බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ 2013/2014 ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළ ඩිප්ලෝමාධාරීන් හා සහතිකපත් ලාභීන් සඳහා ඩිප්ලෝමා හා සහතික පත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් අමාත්‍යවරයා, "අද ක්‍රීඩාව කියන්නෙ තාක්ෂණික හා ගුණාත්මක අතින් ඉතාම උසස් මට්ටමට ලක්වූ දෙයක්. ඒ අතින් රුසියාව හා චීනය වැනි ලෝකයේ විද්‍යානුකූල මට්ටමින් ක්‍රීඩාව පිළිබඳ උසස් දැනුමක් ලබාදෙන රටවල මට්ටමටම විද්‍යානුකූල දැනුමක් ශ්‍රී ලංකාවේ ලබාදෙනවා.
අද මෙතන ඉන්න පිරිසත් එලෙස ක්‍රීඩාව පිළිබඳ යම්කිසි මට්ටමකට විද්‍යානුකූල දැනුමක් ලබාගත්ත අයයි. නමුත් එම දැනුම ගම්බද පෙදෙස්වල දුප්පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා එම පිරිසගේ යුතුකමක්. ශාරීරිකව ඔවුන් පුහුණු කිරීම වගේම මානසිකවත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම වැදගත්. විශේෂයෙන් අපේ රටේ මලල ක්‍රීඩකයන්ට උපතින්ම ආපු හැකියාවක් තිබෙනවා. ඒ නිසා එම හැකියාවන් තවදුරටත් දියුණු කිරීමට ක්‍රමයක් සකස් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉඳල පහළට ඉන්න අයගේ යුතුකමක්" යැයි පැවසීය.
එමෙන්ම ජාතික ක්‍රීඩා විද්‍යායතනය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධයෙන් ඉටුකරන මෙහෙය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයුමට ලක්වූ අතර, ක්‍රීඩාව සඳහා අවශ්‍ය සේවාව තවදුරටත් කරගෙන යෑම සඳහා ක්‍රීඩා විද්‍යායතනයට අවශ්‍ය සම්පත් සැපයීමට තමා මහ භාණ්ඩාගාරය සමගින් සාකච්ඡා සිදුකරමින් සිටින බවද හෙතෙම පැවසීය.
එමෙන්ම ක්‍රීඩා විද්‍යායතනය ඉහළ තලයට ගෙන ඒම සඳහා තවදුරටත් අවශ්‍ය විදෙස් විද්වත් සහායද ලබාගැනීමට බලාපොරොත්තු වන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ 297 දෙනෙක් මෙහිදී ඩිප්ලෝමා හා සහතික පත්‍ර ලබාගත්හ. මෙයට ක්‍රීඩා ඩිප්ලෝමාධාරීන් 64 දෙනෙකු, ශාරීරික යෝග්‍යතා උපදේශක පාඨමාලාව නිමකළ 83 දෙනෙකු මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන නිමකළ 80 දෙනෙකු, බැඩ්මින්ටන් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන නිමකළ 69 දෙනෙකුද අන්තර්ගත විය.