කණ්ඩායමක් හැටියට එකට එකතු වී ක්‍රීඩා කිරීමට ටික කාලයක් ලබාදීම අවශ්‍ය බවත්, ලෝක කුසලාන තරගාවලියේදී ලොකු වෙනස් නොකිරීමට කටයුතු නොකළ අතර හිටපු සංචිතයෙන් උපරිම දෙයක් කිරීමට හැකිවූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ,අද (12දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
"විස්සයි20 කණ්ඩායම හිටපු තේරීම් කමිටුව හා හිටපු නායක ලසිත් මාලිංග දීර්ඝ කාලීනව සැලසුම් කර තිබූ නිසා අපි ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. ලෝක කුසලානයක් නිසා අපි අවම වෙනස්කම් තමයි සිදු කළේ. ඉතිං අපිට පුළුවන් උපරිමය අපි හිටපු සංචිතයෙන් සිදු කළා.\
අපේ ක්‍රීඩකයන් ඉතාමත්ම දක්ෂයි. අපි ඉදිරියේදී තේරීම් කමිටුවක් එක්ක එකතු වෙලා ඉතා හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කණ්ඩායමක් හැටියට එකට එකතුවෙලා ක්‍රීඩා කරන්න ටික කාලයක් දෙන්න. අපිට දැන් ඉන්න තත්ත්වයෙන් ඉක්මනට එළියට එන්න බැහැ. අපේ කණ්ඩායමට ටික කාලයක් ලබාදුන්නොත් අපිට ඉතා හොඳ කණ්ඩායමක් නිර්මාණය කරගන්න පුළුවන් වේවි"