ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා එක්ව සිටි වේගපන්දු යවන්නන් දෙදෙනෙකු ආබාධවලට ලක්වීම ගැටලුවක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සඳහන් කරයි.
සංචාරයට එක්ව සිටි ධම්මික ප්‍රසාද් හා දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව ඇති අතර ශාමින්ද එරංගගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා එල්ලවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියට ගැටලුවක් ඇතිව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගය 9දා ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් අත්‍යාවශ්‍යම වෙයි.
"ඒක අභියෝගයක්. බලය අතින් ගත්තාම අපි ඉන්නේ අපි සිටිය යුතු තැන නොවේ" යැයි ෆෝඩ් සඳහන් කරයි.