බොහෝ රටවල් මෙන්ම තම රටට සම්පත් නැතිවුණත් උපතින් ගෙනා හැකියාවක් තිබෙන බව කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක කාලොස් බ්රැත්වෙයිට් පැවැසීය.
ඊයේ තරගයේදී අවසන් පන්දුවාරයේදී හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වන්ට ලෝක කුසලානයට පාරකැපූ පුද්ලගයා වූයේ කාලොස්ය.
තම කණ්ඩායම පිටියේදී හෝ පිටියෙන් පිටත යම් දෙයක් කළත් ඒ කරන්නේ කොදෙව්හි උන්නතිය වෙනුවෙන් බවත් ඔහු පැවැසීය.
"ගොඩක් රටවල්වලට අපිට වඩා සම්පත් තිබෙනවා. නමුත් අපිට සහජයෙන් උරුම වෙච්ච හැකියාවක් තියෙනවා. අපි පිටියේදීත් පිටියෙන් පිටත් යම්කිසි දෙයක් කළොත් එය කරන්නේ කොදෙව්වන්ගේ හොඳට.
මම බැලුවේ සැමුවෙල්ස්ගේ පීඩනය තරමක් ඉවත් කරන්නයි. එක ලකුණක් අරගෙන හැමදේම ඔහුට කරන්න දෙන්න හොඳ නෑ. මම උත්සාහ කළේ හයේ හතරේ පහර දෙකක් වාර්තා කරන්න. නමුත් වාසනාවට මට ඒක කරන්න පුළුවන් වුණා."