ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් සංවිධානය කල ජාතික ටෙනිස් ශූරතාවයේ 16 න් පහළ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ කාන්තා විදුහලේ අනිකා සෙනෙවිරත්න හා මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ අංජලිකා කුරේරා සමත් වූවාය. ඒ තරගාවලියේ අද (18) පැවති තරග වලින් ජයග්‍රහණය කරමිනි. එහිදී අංජලිකා කුරේරා විසි්න් සවිනි ජයසූරිය තරග වට 2-1 ක් ලෙසින් පරාජයට පත් කළ අතර එහි අවසන් ලකුණු තත්වය දැක්වුනේ 6-0 ක් හා 6-1 ක් ලෙසිනි.
එමෙන්ම මෙවර ජාතික විවෘත අනුශූරිය හා 18 න් පහළ ශූරිය බවට පත්වූ අනිකා සෙනෙවිරත්න 16 න් පහළ ඉසව්වෙද අවවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ සෙනුරි ඇලෙක්සැන්ඩ්රා පරදා තරග වට 2-0 (6-0,6-0) ක ජයක් හිමි කර ගනිමිනි.
කොළඹ ටෙනිස් සම්මේලන මූලස්ථානයේදී තරගාවලිය පැවැත්වේ.
අනිකා සෙනෙවිරත්න
අංජලිකා කුරේරා