ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගේ ධුර කාලය තුළ කිසිදු ක්‍රීඩාවක් සඳහා අතුරු කමිටු පත් නොකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘අද’ ට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටු පරිපාලනයක් පත් කරන්නේ දැයි ‘අද’ කළ විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අවස්ථා කිහිපයකදී පවසා සිටියේ ක්‍රිකට් ආයතය විසුරුවා හැර එය අතුරු කමිටු පාලනයක් යටතට ගෙන ආ යුතු බවයි.