ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පළමු හා දෙවැනි එක්දින තරග දෙක පාකිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සහීඩ් අජ්මාල්ට අහිමි වෙනු ඇති බව පාකිස්තාන වාර්තා සඳහන් කරයි.
ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව එල්ල වූ චෝදනාව සඳහා බ්‍රිස්බේන්හි සිදුකිරීමට නියමිත පරීක්ෂණය සඳහා අජ්මාල් සම්බන්ධවීමට නියමිත හෙයිනි.
අජ්මාල් හෙට (23දා) කොළඹින් පිටත්ව යාමට නියමිත අතර පළමු එක්දින තරගය පැවැත්වෙන්නේද එදිනය.