මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග ක්‍රිකට් තරගාවලි සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එක්කර නොගන්නා ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
එසේම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස සුනිල් ගවස්කාර් පත්විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර තිබේ. පසුගියවර පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලියේදී සිදුවූවා යැයි කියන තරග පාවාදීම් පිළිබඳව වන නඩුව විභාගයට ගනිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නියෝගයන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.