T20 තරගයේ ජය ලංකාවට
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති එකම විස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව දීර්ඝ දකුණු අප්‍රිකා සංචාරය අවසන් වූ අතර එහි ටෙස්ට් තරගාවලිය හා විස්සයි20 තරගාවලි ශ්‍රී ලංකාවත්, එක්දින තරගාවලිය දකුණු අප්‍රිකාවත් ජය ගැනීමට සමත්විය.
කොළඹ ආර් ප්‍රේමදා පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 98කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නේ සමත්වූහ. සඳකැන් 19/3, ධනංජය ද සිල්වා 22/2 හා අකිල ධනංජය 15/2 ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූහ.
දකුණු අපිකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුයින්ටන් ඩි කොක් ලකුණු 20ක් රැස්කළේය.
ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කළේය. කෙසේ වෙතත් මෙම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් දකුණු අප්‍රිකාව දැඩි තරගයක් ලබාදුන් අතර ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක ලකුණු 6ක් තුළදී දැවී ගියේය.
කෙසේ වෙතත් චන්දිමාල් (36*) හා ධනංජයද සිල්වා (31) තෙවැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන ආවේය. මුලු ලකුණු සංඛ්‍යාව 59දී ධනංජය දැවී ගිය අතර ඉන් අනතුරුව ක්‍රමයෙන් ශ්‍රී ලංකා කඩුලු බිඳ වැටෙන්නට විය. කෙසේ වෙතත් චන්දිමාල් සිය අන්තය ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. තරගයේ වීරයා ලෙස පන්දුවෙන්, පිත්තෙන් හා පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වූ ධනංජයද සිල්වාට හිමිවිය.

-
Nimal Wednesday, 15 August 2018 10:01 AM
ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායමට අපගේ සුබ පැතුම් !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

