1996 වසරේ පැවැති ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මානසික පිඩනය කළමනාකරණය කරගත් ආකාරය පිළීබඳව ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ ලෝක කුසලාන කණ්ඩායම වෙත පැහැදිලි කිරීමට 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක අරවින්දද සිල්වා ඊයේ (14දා) කටයුතු කරනු ලැබීය.
ලෝක කුසලානය තරගාවලියකදී මානසික පීඩනය කළමනාකරණය හා ශාරිරික සෞඛ්‍ය පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු විසින් ශ්‍රී ලංකා යොවුන් ලෝක කුසලාන කණ්ඩායම වෙත පැහැදිලි කරනු ලැබිය.
යොවුන් ලෝක කුසලානය සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ඊයේ රාත්රියේදී පැවැති රාත්‍රි ආහාරය පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය දිනා ගැනිමට ප්‍රමාණයත් ශක්තිය ඇතැයිද ඔහු පැවැසීය.