ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇත.
Read Moreක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ’’ජයගමු’’ වැඩසටහන යටතේ ’’පාපන්දු සිකුරාදා (Football Friday)’’ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහන් වේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
Read Moreමෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.
Read Moreකුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.
Read Moreචන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සියි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුුතු කරයි.
Read Moreචෙන්නායි හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.
Read Moreරිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් විස්සයි20 තරගාවලිය හෙට (05දා) සිට එළඹෙන 07 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරීම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ’බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් බවට තමා පැවැසුවේයැයි සමාජ මාධ්‍ය අතර මේ දිනවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසා ඇත්තේ, එම ඉනිමෙන් බොහෝ දේ ඉගෙනගැනීමට හැකියාව ඇති බවයි. තරගයේ තෙවැනි දිනය අවසානයේදී ’ස්කයි ස්පෝර්ස්ට්’ වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරග සංදාරය ජුනි 23දා ආරම්භවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 15දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 76ක් රැස්කරගෙන සිටියි.
Read Moreදික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
Read Moreපළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්‍ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
Read More