saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 7454 hours ago

LATEST

කි.මී. 02 අභියෝගය ගැන මාලිංගගේ අදහස

calendar_today 2021 ජුනි 03 - 19:07 remove_red_eye - 1714  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණ

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සඳා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ ඊයේ (02දා) සමත් විය.

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.

Read More

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.

Read More

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ පන්දුයවන්නන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කොට ඇත. ඒ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයට පත් වෙමිනි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිහි ඉදිරි තරග සැලසුම් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඊයේ (01දා) රාත්‍රියේදී නිවේදනය කළේය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත්, එක්දින හා විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ශූරයන්ගේ කුසලානය නැවත වරක් පැවැත්වීමටත් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් අස්ගර් ඇෆ්ගන් ඉවත්කිරීමට තීරණය කළ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.

Read More

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව ඇත. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

Read More

එළැඹෙන එංගලන්ත තරග සංචාරය ඉලක්ක කරගනිමින් සිදුකළ ශාරීරික යෝග්‍යතාව අසමත් ක්‍රීඩකයින් දෙදෙනාට එම සංචාරයට ඇතුළත්වීම සඳහා තවත් අවස්ථාවක් තිබෙන බව අප කළ විමසුමේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනි. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවේ.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

Read More

සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට එක්දින කණ්ඩායමේ නායක කුසල් පෙරේරා සමත්වූයේය.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (28දා) බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වේ.

Read More

කෝපා ඇමරිකානු පාපන්දු තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ආර්ජන්ටිනාවට ලබාදීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය (CONMEBOL) තීරණය කර ඇත.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

Read More

ශ්‍රී ලංකාවට එරෙහි​ව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වි​ය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

කණ්ඩායම සමබර කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවිය හැකිවුවද වාර්ෂික කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින දික්වැල්ල අවසන් 11 දෙනා අතරට ඇතුළත් නොවීමට කොන්ත්‍රාත්ගත කිරීමේ දී හෝ එක්දින කණ්ඩායමේ අවසන් 11 දෙනා නම් කිරීමේ දී හෝ කොතැනක හෝ යම් අතපසුවීමක් සිදුව තිබෙන බවක් නම් පෙනෙන්නට තිබේ.

Read More

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පහළ ස්ථානයකම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

Read More

ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

ශිරාන් බංග්ලාදේශ සංචාරයට එක් කර ගත්තේ නිසි සෞඛ්‍ය පියවර ගැනීමෙන් පසුයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී රෝගය සුව වුවද වෛරසය අජීවී තත්වයෙන් ශරීරයේ පැවතිය හැකියි - මහාචාර්යය අර්ජුන ද සිල්වා

Read More

පසුගිය තරග කිහිපයේදීම දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවැති තරගයේදීද සාර්ථක දක්ෂතා පෙන්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.