2021 LPL 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතහැර යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ තවමත් එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩාකිරීම පමණක් බවත් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.
Read Moreකුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ වේ. එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය.
Read Moreඑංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවති පුහුණු එක්දින තරගයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් එම තරගය ජයග්‍රහණයකින් තොරව ඊයේ (16දා) අවසන් විය. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්විණි.
Read Moreපාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන තරග සංචාරය සඳහා සූදානම්වන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම මේ දිනවල මුම්බායිහිදී සිය නිරෝදායනය වෙමින් සිටියි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළබෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
Read Moreඑංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබේ.
Read Moreඑක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.
Read Moreතවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවේ අවසන් මහා තරගය පෙනෙන මානයේදී එහි ජයග්‍රාහකයන් ඇතුළු තරගවැඳි සියලුම කණ්ඩායම් සඳහා පිරිනැමීමට බලාපොරොත්තුවන ත්‍යග මුදල් අයි.සී.සී.ය විසින් ඊයේ (14දා) ප්‍රකාෂයට පත් කළේය.
Read Moreටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි
Read Moreනවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සත්කාරක එංගන්ත කණ්ඩායම එංගලන්තයේදීම පරාජය කර ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (13දා) සමත් විය.
Read Moreසංගාට පෙර මීට ඉහතදී ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කරනු ලැබීය. මුරලි මෙම නාමාවලියට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.
Read Moreශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ඒ මීටර් සියය ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්තා කරමිනි. එහි පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයයීය මීටර් සියය ඉසව්‍වේ රන් පදක්කම හොබවන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ට හිමිවූ අතර ඔහු නිමා කළ කාළය තත්පර 10.08කි
Read Moreඑක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.
Read Moreඑංගලන්තය අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින නිසා අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වුවත්, ඔවුන්ට අභියෝගයක් වී තරගාවලිය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය.
Read More2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ප්‍රබල දකුණු කොරියාව සමගින් අද (09දා) පැවැත්වේ. ආසියානු කලාපයේ ’’එච්’’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය දකුණු කොරියාවේ සත්කාරකත්වය යටතේ එරට ගෝයාං ක්‍රීඩා සංකීර්ණයේදී මෙරට වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භ වේ.
Read Moreපෙර නිවේදනය කළ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය හා අයි.පී.එල්. ඉතිරි තරග යන ප්‍රධාන පෙළේ තරගාවලි දෙකක් එකම කාලසීමාවක පැවැත්වීමට සිදුවීමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය දැඩිව කාර්ය බහුල වීමට සිදු වේ. ඒ හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදීමට අවධානය යොමුව තිබේ.
Read Moreමෙම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. චරිත් අසලංකට හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.
Read Moreකෙසේ වෙතත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, තාක්ෂණික කමිටුවේ සමාජිකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු අතර ටාජ් සමුද්‍රා හෝටලයේ දැඩි උණුසුම් සාකච්ඡාවක් සිදුවන බවයි. දෙපාර්ශවයම මේ අවස්ථාව වනවිටත් කිසිම එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තාවේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ’අද’ට පැවසීය.
Read Moreඑළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2 ක පරාජයක් හිමිවිය. තරගාවලියේ ආසියානු කලාපයේ එච් කාණ්ඩයේ (දෙවැනි වටයේ) තරගයක් ලෙසින් මෙය අද (05දා) දකුණු කොරියාවේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.
Read Moreහිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.
Read Moreමංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.
Read More