5.39 P.M. දෙවැනි දිනයට තරගය නිමා කරන සිට දකුණු අප්රිකා කණ්ඩායම ලකුණු 98ක් රැස්කරගෙන සිටියේය. ඒ සඳහා ඔවුන්ට පන්දුවාර පන්දුවාර 52ක් හා කඩුලු තුනක් වැයවී තිබුණි. දිනයේ අවසන් කඩුල්ල ලෙස ඩු ප්ලෙසි දැවි ගියේය. දකුණු අප්රිකාව තවත් ලකුණු 323ක් පිටුපසින් සිටියි.
අම්ලා 46* ඩිවිලියර්ස් 11*
F du Plessis c †Dickwella b Lakmal 36 (109b 3x4 1x6) SR: 33.02
2.25 P.M. දිල්රුවන් යොමුකළ පළමු පන්දුවාරයේදීම දකුණු අප්රිකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ඩීන් එල්ගා දැවී ගියේය. දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී කඩුලු දෙකට ලකුණු 13ක් රැස්කරගෙන සිටියි.
ඩු ප්ලෙසි 9* අම්ලා 0*
D Elgar c Silva b Perera 1 (22b 0x4 0x6) SR: 4.54
1.55 P.M. දකුණු අප්රිකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් අල්විරෝ පීටර්සන් පිටියෙන් ඉවත්කිරිමට රංගන හේරත් සමත්විය. ඔවුන් පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 3ක් රැස්කරගෙන සිටියි.
එල්ගාර් 1* ඩු ප්ලෙසිස් 0*
AN Petersen c & b Herath 2 (10b 0x4 0x6) SR: 20.00
01.31 P.M. ශ්රී ලංකා ඉනිම ලකුණු 421 ට සිමාවෙයි.
01.30 P.M. ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුළු 09 කට ලකුණු 416 ක් ලබා සිටියි.
හේරත් 7*ලක්මාල් 00*
01.11 P.M. දික්වැල්ල ලකුණු 72ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවිය.ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුළු 08 කට ලකුණු 409 ක් ලබා සිටියි.
01.05 P.M. ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුළු 07 කට ලකුණු 405 ක් ලබා සිටියි.
දික්වැල්ල 72*හේරත් 1*
11.03 A.M. දික්වැල්ල සිය කළුදුල් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 99ක් අවසානයේදී ලකුණු 361ක් රැස්කරගෙන සිටියි.
මහේල 156* දික්වැල්ල 50*
10.31 A.M. මහේල සිය ලකුණු 150 කඩඉම පසුකිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 93ක් අවසානයේදී ලකුණු 335ක් රැස්කරගෙන සිටියි.
මහේල 150* දික්වැල්ල 32*
10.11 A.M. ශ්රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්ව තිබෙන මහේල ජයවර්ධන කෙමෙන් කෙමෙන් ශ්රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටියි. ඔහුට අගනා සහායක් ලබාදෙමින් නිරෝෂාන් දික්වැල්ලද සිය මංගල ටෙස්ට් තරගයේදී දක්ෂතා පෙන්වමින් සිටියි. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 89ක් අවසනායේදී කඩුලු 5ට ලකුණු 317ක් රැස්කරගෙන සිටියි.
මහේල 142* දික්වැල්ල 22*
ඡායාරූප ශාන්ත රත්නායක